ඇමතිකම නැතිවුනත් කළකිරීමක් නෑ…. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

ලලිත් චාමින්ද  –

අමාත්‍ය මණ්ඩල වෙනසක් වී අමාත්‍ය ධුරය වෙනස් වුවත් ඒ පිළිබඳව කිසිම කලකිරීමක් නැතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

“අමාත්‍ය මණ්ඩලය වෙනසක් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමාගේ තීරණයක්. පත්තරවල යනවා… ඉතින් අපි බලමු. සිදුවෙමින් ඇති දේ සම්බන්ධව මගෙ කිසිම කළකිරීමක් නෑ.“

 කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ එසේ කීවේ ඊයේ (09) ලබුදුව ගොවිජනසේවා බල ප්‍රදේශයේ ගොවින් ඇගයිම සඳහා  අක්මිමන තල්ගස්යාය අශ්වත්ථාරාම විහාරස්ථානයේ දි පැවති උපහාර  උත්සවයේ දි ය. 


අක්මිමන තල්ගස්යාය අශ්වත්ථාරාමාධිපති ගාල්ල කඩවත්සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුශාසක මතුගම ගුණරතන නාහිමියන් විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි. 

 mahindananda
ඇමතිවරයා විසින් ගොවිමහතෙකුට ත්_යාගපිරිනමමින්

එහිදී ඇමතිවරයා මෙසේද කිවේය.

“අපේ චේතනාව හොඳ දෙයක්. අපි හොඳ ව්‍යාපෘතියක් තමයි කළේ.  මෙහි අඩුපාඩුකම් තියෙනවා. .ඒ නිසා  මෙතනදි ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන මේ වැඩේ ගෙනි යන්නයි හදන්නේ. ඒ නිසා මේ ගැන කිසිදු කලකිරීමක් නෑහැ.“ 

“ඕනෑම ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. .සාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේක කළේ හොඳ චේතනාවෙන්.   ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න. ඒ නිසා තමයි එතුමා මේ හරිත කෘෂිකර්මාන්ත තීන්දුව ගත්තේ. .අපි කාටත් වඩා එහා පැත්තට ගිහිල්ලා විරුද්ධ කණ්ඩායම් ඒ සටනට විරුද්ධව නායකත්වය දුන්නා. ඒ නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව නැවත තීරණය කළා රසායනික පොහොර ආනයනය කරන්න.

ගාල්ල දිස්ත්‍රික්කය මේ වෙනකොට හෙක්ටයාර් 11,000 වී වගා කරලා තියෙනවා. රටේ අමුතු භූතයෙක් හදන්න හදනවා . අපි ගොවීන්ට කිවා  වගා හානියක් වුණොත් ඒ වන්දිය ගෙවනවා කියලා. පළිබෝධ නාශක වල් නාශක වර්ග දෙසිය  ගානක්  මෙරටට අනායනය කරනවා. ඉන් ලියා පදිංචි කරල තියෙන්නෙ අසූ දෙකයි . ඒහි ටෙස්ට් කරලා තියන්නේ  18යි.    මේ පිළිබද පරික්ෂණ කරලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි. මේකෙ කියන්නේ  මම නෙවෙයි. විගණකාධිපතිවරයා 2020 වාර්තාවේ.“

පරිසරහිතකාමි කෘෂිකර්මාන්තයකට යන්න තමයි අපි තින්දු කළේ. අපි කියපු දේට වඩා වඩා  වෙනස් මතයක් මේ රටේ ජනගතවිම වැඩිවුනා. ඒ පිළිබද ජනතාව හරියට දැනුවත් වුනේ නැහැ. හරිදේ කිවේ නැහැ. . අපි හොඳ  දෙයක් කරන්න ගියේ. ගොවීන් මේ සදහා විරුද්ධ වෙච්ච නිසා අපි රසායනික පොහොර  ගෙන්විමට තීරණය කළා.  

ඒත් රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. නමුත් සහනාධාර ලබා දෙන්නේ හරිත කෘෂි කර්මාන්තයට පමණයි.. කැමති ගොවියෙකුට රසායනික පොහොර භාවිතා කර තමන්ගේ වගාවන් කරගන්න පුළුවන්. අපේ භූමිය අපේ වගා කරන්නේ නෑහැ. කඩේ එළවලු මිල වැඩියි කියලා බනිනවා. හැබැයි තමන්ගේ ගෙවත්තේ  බටු පැලයක් සිටුවා ගන්නා අපි උනන්දු වෙන්නේ නෑහැ.. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ තියන භූමිය හරියට වගා කළොත් අපිට මේ කිසිවක් කරන්න අවශ්‍ය නෑ. පිටරටින් කන්න බලාගෙන ඉන්න තාක් කල්  අපිට සිද්ධ වෙනවා ඒගොල්ලො දෙන මිලට කන්න. අපි පරිප්පු ටික පිටි ටික සීනි ටික  සියල්ලම ආනයනය කරනවා . මේ නිසා නැව් ගාස්තු වැඩි වෙලා බඩු  බඩු මිල වැඩි වෙලා තියෙනවා.  යැයිද අමතිවරයා කිවේය.

 

Exit mobile version