ආහාර – ඩොලර් අර්බුදයට ඉන්දියාවෙන් ණය කට්ටල තුනක් සූදානමින්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග සමඟ නව ගිවිසුමකට එළඹීම පිළිබඳව කතා බහ කිරීමෙන් අනතුරුව ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබා ලබාදීමට නියමිතව ඇති ණය සහන කට්ටල 3 නුදුරේදීම ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මූල්‍ය හුවමාරු ණය පහසුකම (SWAP) යටතේ ඇමරිකානු ඩොලර් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂිත ඩොලර් මිලියන 500ක ණය සහනයක් ලබාදීමට මේ වන විට අවශ්‍ය සැලසුම් සිදු කරමින් පවතින බවත් ඊට අමතරව ඖෂධ සහ ආහාර සඳහා ඩොලර් බිලියනයක් වටිනා ණය පහසුකමක් ලබාදීම පිළිබඳව මේ වන විට කටයුතු යෙදෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඇතුළු ජේෂ්ඨ දේශපාලකයන් අතර සිදු වූ සාකච්ඡාවලදී ඇතිකරගත් එකඟතාවන් වලට අනුව මෙම ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙන බව එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කළේ ය.


දැනට බලශක්තිය, යන්ත්‍ර සූත්‍ර වැනි දේවල් සඳහා ඉන්දීය ණය පහසුකම්‌ ක්‍රමයක් (credit line) ක්‍රියාත්මක වුවද මෙතෙක් ඉන්දියාව තම අසල්වැසි රාජ්‍යයන් සඳහා හෝ මූල්‍ය ආධාර ඉල්ලා සිටින රාජ්‍යයන් සඳහා ආහාර හා ඖෂධ සඳහා එවැනි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර නැත.

මේ වන විට ශ්‍රී ලංකාව විදේශ සංචිත සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය තත්ත්වය අවබෝධ කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා මෙම ඩොලර් බිලියනයක ණය පහසුකම ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ව්‍යූහාත්මක සැලසුම් මේ වන විට සකස් වෙමින් පවතින බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝවිට එම කටයුතු ඉදිරි සති කීපය තුළ අවසන් වනු ඇති බවත් ඒ අනුව අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පියවර ගනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version