ආරක්ෂක අංශයේ දස දහසකට මැලේසියාවේ රැකියා !

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවති  විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී ඇමතිවරයා මේ බව පැවසුවේය.

අලුත් ගමනාන්තයක් සොයාගෙන යෑමේ දි මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් වූ බවත් කලින් අනුමත කළ දස දහසක රැකියා කෝටාවට අමතරව දස දහසින් පටන් ගෙන ලක්ෂයක් තෙක් යා හැකි රැකියා  කෝටාවක් මෙරට ආරක්ෂක අංශ සමාජිකයන්ට විවෘත කළ බව ඇමති වරයා පැවසීය. එය සිදුවනු ඇත්තේ රාජ්‍ය දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස බවත් අමාත්‍යවරයා පැහැදිලි කලේය.  එහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙසේ ද පැවසීය.

” ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.”


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ රටේ විවිධ ක්ෂේත්‍රවලට රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පහසුකම් ලැබෙනවා. ගොවියාට පොහොර ටිකට පවා සහන ලැබෙනවා වගේ මේ රටට වැඩි ම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන මේ ක්ෂේත්‍රය වෙනුවෙනුත් ඉදිරියේ දී උපරිම පහසුකම් සලසනවා. ඒ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත සකස් කරලා අවසන්. එහි දී ක්ෂේත්‍ර යේ අභිමානයෙන් වැඩ කරන්න අවශ්‍ය පසුබිම ශක්තිමත් ව සකස් කරලා තියෙනවා වගේ ම වැරදි කරන පිරිස විදේශ රැකියා ක්ෂේත්‍ර යෙන් සදහට ම ඉවත් කරලා දාන්නත් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා”

Exit mobile version