ආයුර්වේද ප්‍රතිකාර ලද කිසිවෙක් මිය ගිහින් නෑ… රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Ayurwedic

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික සෞඛ්‍ය සේවයෙන් සියයට 1වත් ආයුර් වේදයට වියදම් නොකරන පසුබිමක් තුළ කොවිඩ් ආසාදිතව ආයුර්වේදයේ ප්‍රතිකාර ලැබූ කිසිම රෝගයෙකු මේ වන විට මියගොස් නොමැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ආයුර් වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

යාපනය සහ නැගෙනහිර ප්‍රදේශයන්ගේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීන් මරණයට පත් වූයේ නම් එය ඉතා සුළු සංඛ්‍යාවක් බව තහවුරු වී ඇතැයි ඇමතිවරයා පෙන්වාදේ.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් වුවද මෙම ප්‍රදේශයන්‌ හී ජනතාව දේශීය වෙදකම කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කරන අතරම යාපනය සහ නැගෙනහිර ප්‍රදේශයන් හීි ජනතාව සිද්ධි සහ යුනානි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන් භාවිත කිරීමද විශේෂත්වයක් යැයි ඇමතිවරයා සදහන් කරයි.

මේ වන විට ප්‍රජා වෛද්‍යවරුන් 1000ක් දෙනා යොදා ගනිමින් කොවිඩ් ආසාදිත පුද්ගලයින් සිටින නිවෙස් වෙත ආයුර් වේද ඖෂධ බෙදා හැරීමට පටන් ගෙන ඇතැයිද සදහන් වේ.

Exit mobile version