ආපන ශාලා ආශ්‍රිතව රැකියා කළ ලක්ෂ විස්සක් අසරණයි

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ශ්‍රියානි විජේසිංහ                                    

ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදීත් සියයට 4 පොලියට ලබා දෙන ණය මුදල  කඩිනමින් ලබා දීමට  බැංකු කටයුතු නොකිරීම   නිසා ආපන ශාලා හා සම්බන්ධ රැකියා කළ ලක්ෂ 20කට අධික පිරිසක් තවමත් බලාපොරොත්තු ගිලිහුණු දුක්ඛිත තත්වයකින් ජිවත් වෙමින් ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන්  සුළුපරිමාන හෝටල් සහ ආපනශාලාවන්වන්   බොහෝමයක් මේ වනවිට අක්‍රිීයව තිබේ. කොළඹ නගරයේ ආපනශාලාවන් වෙත පමණක් දිනකට ඉඳිආප්ප ලක්ෂ 5ක ප්‍රමාණයන් සපයා දෙමින් පවුල් බොහෝමයක් ජීවත් වුව ද මේ වන විට  එම පවුල් සියල්ල අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔහු ලංකාසරට කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළි හිස එසවීම සඳහා වූ තමන්ගේ එකම බලාපොරොත්තුව රජයෙන් ලබා දෙන සහන ණය මුදල බවත්, එය ලැබෙන දිනයක් ගැන අවබෝධයක් නැතත් අපේක්ෂාවෙන් පසුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


 

 

Exit mobile version