ආනයන සීමා බොරුවක් වෙයි… 2018න් පසු වැඩිම ආනයන වියදම් මාර්තුවේ දී…. මහ බැංකුව කියයි…

සීනී රසකැවිලි ලෙකු ළූණු අර්තාපල් වලට ඩොලර් මිලියන 94.2ක්..

ලලිත් චාමින්ද –

ආනයන සිමා කිරිමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක වුවද මේ වර්ෂයේ මාර්තු මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1.926 දක්වා විශාල වශයෙන් වැඩිවි ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව පවසයි

ශ්‍රි ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ දේපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2018 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු වාර්තා වු ඉහලම මාසික ආනයන වියදම මෙම වර්ෂයේ මාර්තු මාසයේ වාර්තා වු බවද ශ්‍රි ලංකා මහබැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

2020 වර්ෂයේ මාර්තු මාසයේ ආනයනික වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1205කි.


ආහාර හා පාන වර්ග මෙන්ම ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන ඉහළයාමත් සමග 2021 වර්ෂයේ මාර්තු මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වර්ෂයේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 42කින් ඉහළ ගොස් ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

සිනි හා රසකැවිලි ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර්මිලියන 50.8ක්, එළවළු ලොකු ළුෑණු ආර්තාපල් ආනයනය කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාර්තු මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 379.6ක්, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සදහා ඩොලර් මිලියන 189.9ක්, අන්තර් භාණ්ඩ සදහා ඩොලර්මිලියන 1129.9ක්, ආයෝජන භාණ්ඩ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 416.3ක්, වැය වි ඇති බවද මහබැංකු වාර්තවේ සඳහන් වේ.

Exit mobile version