ආනයනික තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 15කින් ඉහළට… පාන් මිල වැඩිකිරිම ගැන තවම තීරණයක් නැතැයි බේකරි හිමියෝ කියති!

කීර්ති ප්‍රනාන්දු

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 15 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඊයෙ (07)වන විට ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 210 ක් දක්වා වැඩිවී ඇති බව  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි. 

තිරිගු පිටි ගෙන්වීමේදී අයකරනු ලබන ආනයනික බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් රුපියල් 45 කින් වැඩි කර ඇති බවත්   ආනයනික බද්ද පමණක් රුපියල් 13 කින් වැඩිවී ඇති අතර වැට් , ෆැල් , සහ සමාජ ආරක්ෂණ බදු  එක් වූ විට මේ මිල වැඩිවීම සිදුව ඇති බවත්එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක    නිහාල් සෙනවිරත්න  පවසයි.  .

මේ වන විට ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල අඩු වීමක් සිදු වී ඇතැයි පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා අඩු වීමත් සමඟ ආනයනික තිරිගුපිටි විශාල මිල වැඩි වීමකින් තොරව වෙළඳුන්ට සහ පාරිභෝගිකයන් හට ලබාදීමට හැකිවී ඇති බවය. .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ආනයනික තිරිගු පිටි තොග මිල රුපියල් 15 කින් මිල වැඩි වුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන   මේ සම්බන්ධව කළ විමසීමක දී පැවසීය


Exit mobile version