ආණ්ඩුව සමග කන දීගය ගැන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද තීරණාත්මක සාකච්ඡාවක…

SLFP

ආණ්ඩුවෙ රැඳී සිටිනවා ද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණය ඇතුළු තීරණාත්මක කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  මධ්‍යම කාරක සභාවේ  විශේෂ රැස්වීමක් අද (31)  සවස ඩාලි පාරේ පක්ෂ මූලසථානයේ පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ අමාත්‍ය ධුරයට ලොල් වූ  පරණ ඇමතිවරයෙක් හැරුණු විට මේ වනවිට පක්ෂයේ බහුතර මතය  ආණ්ඩුවෙන් ඉවත්වීම බව මේ පිළිබඳව කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පක්ෂය ඉහළ තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා දැඩි පීඩනයක් එල්ලවෙමින් ඇති බව එම ප්‍රකාශකයා පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුවෙන් ඉවත් වී ඇති හවුල්කාර පක්ෂ 11 සමග ඉදිරි දේශපාලන ගමන සැලසුම් විය  යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් මෙම හමුවේ දී සාකච්ඡා කිරීමට නියමිතය.

Exit mobile version