ආණ්ඩුවේ මඩ බලකායට එරෙහිව ජ.වි.පෙ. අද සී.අයි.ඩී යයි!

Sunil-Handunneththi-

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් රුපියල් මිලියන ගණනින් ප්‍රචාරක ආයතන වෙත ප්‍රචාරක දැන්වීම් සකස් කිරීම සඳහා යොමුකර ඇති බවට ව්‍යාජ පුවතක් නිර්මාණය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැරීමට එරෙහිව අද (19) ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

මෙම පුවත පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ විසින්  සිය ෆේස් බුක් ගිනුම හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බවත් මේ  අගතිගාමී මඩ ව්‍යාපෘතිය සම්බන්ධ සියලුම තොරතුරු පුද්ගලයින් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්  නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට පැවසීය.

එම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික සුනිල් හඳුන්නෙත්ති මෙසේ පැවසීය.


“මේ අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂගෙ  මඩ බළකාය මගින්. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම මෙම කාරණාව ප්‍රචාරය කර තිබෙනවා. ඒ නිසා ඉතා පැහැදිළියි මෙය ආණ්ඩුවේ බංකොළොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් කියලා.“

“විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයින්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයින්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. “

“ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කරලා තියෙන්නේ අපිට නෙවෙයි.  ඇත්ත හැඟීම තියෙන මිනිස්සුන්ට. සවේච්චාවෙන් ඉදිරිපත් වූ මිනිස්සුන්ට. “

“අපි විශ්වාස කරනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරයි කියලා. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂි අපි ඉදිරිපත් කර තිබෙනවා.“

“ඒ වගේම අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ජනතාවට එපා වූ මේ පාලනය වෙනස් කරලා, ජනතාවට ලස්සන ජීවිතයක් දෙන්න පුළුවන්, ලස්සන රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙළක් වටා අපි එකතු වෙමු කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ සඳහා මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින්න මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. “

 

Exit mobile version