ආගමික ස්ථානවල ළමා අපචාර නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න…

" පන්සලේ සෙල්ලම" ගැන අවධාරණය කරමින් ඇමති විදුරගේ නැගනිය තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂක සන්ධානය වෙනුවෙන් ඇමතිට ලියයි...

monk

ආගමික ආයතන තුළ සිදුවන ළමා අපචාර නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ලිපියක් යවමින් ඔහුගේ නැගනිය වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක ඇතුළු ළමා ආරක්ෂණ සංධානය විසින් ඉල්ලීමක් කර තිබේ. තුෂ් වික්‍රමනායක සිය සොයුරා වූ බුද්ධ ශාසන ඇමතිට මේ බව ලියා දන්වන්නේ එම සන්ධානයේ සම කැඳවුම්කරු වශයෙනි.

2020 ජුලි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ළමයින් 17 දෙනකු පමණ කායිකව හෝ ලිංගිකව අපහරණය පත් වීම හෝ මරණයට පත් වී ඇති බව ළමා ආරක්ෂණ සංධානය විසින් පසුගිය 11 වැනිදා යවන ලද එම ලිපියේ සඳහන් වේ. ඒ අනුව 2023 අප්‍රේල් 23 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවය වාර්තා කළ අන්දමට ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ සාමනේර හිමි නමක අපයෝජනයට ලක් කිරීමේ සිදු වීම වැනි සිදුවීම් රාශියක් ඒ අතර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

බෞද්ධ හා ආගමික කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයා වශයෙන්, අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන් වන දරුවන්ගේ අයිතීන් සුරැකීමට සහ ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චූදිතයන්ට දේශපාලන රැකවරණය ලබා දීමෙන් වළකින අතර ගම්පොළ පුස්සැල්ලාව විහාරස්ථානයේ අපයෝජනයට ලක් වූ සාමනේර හිමිගේ සිදුවීමට අදාළ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ලබා දීම, දරුවාගේ යහපත සඳහා’ යන ගෝලීය මූලධර්මය පිළිගෙන දරුවන් පැවිදි කිරීම සඳහා අවම වයසක් හඳුනා ගැනීම, දරුවන් භාරදීමට පෙර ආගමික ආයතන විධිමත් කිරීම සඳහා NCPA සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව ප්‍රතිපත්තියක් සකස් කිරීම, වයස අවුරුදු 18 ට අඩු සියලුම භික්ෂූන් වහන්සේලාගේ සුබසාධනය අවම වශයෙන් සෑම මාස හයකට වරක් නිරීක්ෂණය කිරීම, දෙමාපියන් ලෙස ආදේශ කරන භාරකරුවන් ලෙස වගකීම් ඇතුළුව සියලුම ආගමික ආයතනවලට ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ අනිවාර්ය පුහුණුවක් ලබා දීම, අතීතයේ සහ වර්තමානයේ ආගමික ආයතනවල සිදු වූ ළමා අපචාර පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම යන යෝජනා දරුවන් සම්බන්ධයෙන් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත.


Exit mobile version