අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්.. ඇමති කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධ ව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.

ප්‍රථම වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක ප්‍රමාණයක් සිටින බවත් දෙවන වතාවට පෙනී සිටින දරුවන් සිටින්නේ එක් ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් පවසන අධ්‍යාපන ඇමතිවරයා මෙයින් ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ විෂය මාලා සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන බැවින් විභාගය කල් දැමීම යෝග්‍යවන බව යැයි පැවසීය.

නමුත් දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීම වන්නේ ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොර ව විභාගය පැවැත්වීම ඇමතිවරයා කීවේය.

මේ ශිෂ්‍ය  ඉල්ලීම් දෙකම ප්‍රමුඛකොට සලකා බලා තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගෙන සුදුසු තීන්දුවක් හැකි ඉක්මනින් ගන්නා බව ඇමතිවරයා කීවේය.

Exit mobile version