අසැබි පිංතූර සමාජ මාධ්‍යවලට දාන අය අතටම අල්ලන උපකරණයක් පොලිසියේ – අද සිට මෙහෙයුම් පටන් ගනී

කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අසභ්‍ය දර්ශන ෆේස්බුක් සමාජ මාධ්‍යට ඇතුළු කරන මොහොතේම එම එම ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සමග ඒවා අන්තර් ඇතුළු කළ පරිගණක හෝ ජංගම දුරකථන පිළිබඳ සියලුම තොරතුරු ලබාදෙන මෘදුකාංගයක් මේ වනවිට පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය සතුව ඇති බව පොලිසිය පවසයි.

ළමා හා කාන්තා කාර්යංශය භාර පොලිස් ප්‍රධානියා ලෙස අජිත් රෝහණ මහතා පත්වීමෙන් අනතුරුව දින කිහිපයකට පෙර ආමර්වීදියේ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයට ගිය අවස්ථාවේදී එම මෘදුකාංගය පිළිබදව තොරතුරු දැන ගෙන තිබේනියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ පසුගිය මාසකට ආසන්න කාලයක් තුළ එවැනි අසභ්‍ය ඡායාරූප සමාජමාද්‍යවල පළ කළ අවස්ථා 18000 ක් පමණ එම මෘදුකංගය මඟින් හඳුනාගෙන ඇති බවය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිසි උපදෙසක් එම කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී නොතිබුණු බැවින් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමක් සිදුවී නැත. එබැවින් අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ අද සිට එම දත්තයන් පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද ඒ පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට මෙහෙයුම් දියත් කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ මෘදුකාංගය මගින් අදාල ඡායාරූපය හෝ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ පරිගණකයකින්ද නැතිනම් ජංගම දුරකතනයකින්ද කුමන ප්‍රදේශයක සිටද ආදී තොරතුරු මෙන්ම අදාල අන්තර් ජාල සම්බන්ධය ලබා ගත් උපකරණවල විස්තර පවා එම මෘදුකාංගය මගින් හදුනාගෙන තොරතුරු ලබාදෙන බවද ඔහු පැවසීය. ඒ අනුව ඉතා පහසුවෙන්ම එම ඡායාරූප හා වීඩියෝ ඇතුළු කළ පුද්ගලයා හදුනා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඉදිරියේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එවන් වීඩියෝ සහ ඡායාරූප ඇතුලත් කරන අවස්ථාවේදීම ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවෙලක්ද දියත් කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය. ඒ සදහා මේ වන විට මෙම පද්ධතිය නිරීකණයට වෙනම කණ්ඩායමක් නම්කර ඇති බවත් මෙහෙයුම් අංශයක් ලෙස එම අංශය ක්‍රියාත්මක කරන බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ තොරතුරු සදහන් කළේය.


Exit mobile version