අසනීපයි කී කරුණා සී.අයිඩියට එයි.. දීර්ඝ ප්‍රශ්න කිරීම් ඇරඹෙයි…

යුද හමුදාවේ සෙබළුන් 2000 ක් 3000ක් තමා විසින් ඝාතනය කළේ යැයි දේශපාලන රැස්වීමකදී කළ ආන්දෝලනාත්මක  ප්‍රකාශය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු නැගෙනහිර නායක මෙන්ම හිටපු ඇමතිවරයකු වන විනයාගමුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේ (25) දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

අද පෙරවරු 11ට පමණ කරුනා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර ඔහු  පැමිණ තිබුණේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ සිටය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුනේ ඉකුත් 23 වෙනිදා වුවද තමා අසනීප ව සිටින බැවින් එදින පැමිණිය නොහැකි බව සිය නීතීඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණි.


එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්ද මඩකලපුවට ගොස් ඔහු එම ප්‍රකාශය කළ  රැස්වීම සංවිධානය කළ පුද්ගලයින්ගෙන්ද ඊට සහභාගිවූ පුද්ගලයින්ගෙන්ද ප්‍රකාශ සටහන්කරගෙන තිබුණි. ඊට අමතරව එම ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී ආයතනවලින් ලබා ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී ද නැවතත් කරුණා අම්මාන්ගෙන්  ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version