අවුරුදු 10ක් තිස්සේ දේශපාලකයින් මගහැරිය අබලන් පාරක් ගම්මු ශ්‍රමදානයෙන් පිළිසකර කර ගනිති…

දැන් වැඩේ අපි පටන් ගත්තා... ඡන්දෙට කලින් පාර කාපට් කරලා දුන්නේ නැතිනම මේ ගම්මාන දේශපාලකයින්ට තහනම් කලාප වේවි.... ගම්මු දන්වති.

මනම්පිටිය නිමල් ජයරත්න – 

වසර දහයකට අධික කාලයක සිට තම ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් තමන්,   මුහුණදෙන දුෂ්කරතාවය පිළිබඳ පැවති රජයන්ට සහ ප්‍රදේශයේ පක්ෂ, විපක්ෂ, දේශපාලනඥයන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නද එම මාර්ගය මෙතෙක් පිළිසකර නොකිරීම නිසා ප්‍රදේශවාසී තරුණයන්, සහ ගම්මුන් එක්ව, දිඹුලාගල ඈත කෙළවරේ පිහිටි මල්දෙනිය සහ කැකුළුවෙල ගම්මානයේ සිට පොළොන්නරු දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අබලන් වූ කිලෝමීටර් දෙක බොරලු පස්දමා, ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරගැනීමට අද( 25 )   පියවර ගත්හ.

මල්දෙණිය, කැකුළුවෙල, කනිච්චියාගල, උල්පත්වැව, සිට පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය දක්වා දිවෙන මෙම ප්‍රධාන  මාර්ගයේ මල්දෙණිය, කැකුළුවෙල කිලෝමීටර් දෙකක් පමණ දුරට මාර්ගය විශාල වල්වල් හෑරී පා ගමනත් අසීරුවන    මට්ටමක පැවතිනි.

මේ පිළිබඳ කොතෙක් බලධාරීන් දැනුවත් කළද ඊට විසඳුමක් නොමැති වීමෙන් වසර දහයක් තිස්සේ තම ගම්මනවල පවුල් 800ක පමණ පාසල් දරුවන්, ගම්වාසින්, ගොවීන්, දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දුන් බව  ගම්මු කිහ.

මෙම තත්ත්වයට විසඳුම් නොමැති නිසා තම ගම්මානයේ තරුණයන් මෙන්ම ජනතාව එක්ව මාර්ගය පිළිසකර ගැනීමට පියවර ගත් බව මල්දෙනිය  ක්‍රීඩා සමාජයේ සභාපති ගැමුණු ප්‍රභාත් මුතුකුමාරණ  කීවේය,


“මෙම මාර්ගයේ කාපට් යොදා අතුරා ඇත්තේ කනිච්චියාගල දක්වා පමණයි.    එතැන් සිට මල්දෙණිය දක්වා කිලෝමීටර් දෙකක් දුරට මාර්ගය දැඩි ලෙස අබලන් වෙලා තිබුණේ. මේ නිසා සා මාර්ගයේ ගමන් කෙරුවෙ පෞද්ගලික බස් රථයක් සහ පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක් පමණයි. “ කැකුළුවෙල, ගම්වාසිහු ලංකාසරට කිහ.

“වසර දහයක් තිස්සේ ගම්මානයට එන,යන සෑම දේශපාලනඥයෙකුම මෙම මාර්ගය හදලා දෙන එක මැතිවරණ පොරොන්දුවක් බවට පත්කර  ගත්තා.   වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා පොළොන්නරුවේ ඉන්නෙ.  මේ පිළිබඳ  ලිඛිතව හා වාචිකව ඔහුට දැනුම් දුන්නා.  ඊට විසඳුමක් නෑ…  ඒ නිසා  ගම්මානයෙ බාල, තරුණ, මහලු,  පුද්ගලයන් 150 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව කිලෝමීටර් එකක් දුරට මාර්ගයට බොරලු පස් යොදා තාවකාලිකව පිරිලිසකර කර ගත්තා. “,

ශ්‍රමදාන කටයුත්තට  බොරලු පස් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් සඳහා ඩීසල් ලබාගැනීමට දානපතීන් සහ පරිත්‍යාග  ශීලින්, ඇඟලුම් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක රියදුරු මහතෙකු අනුග්‍රහ දක්වා තිබේ.   ගම්මානය කිහිපදෙනෙකු තේපැන් සහ දිවා ආහාර ලබා දීමට කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි වැඩේ පටන් ගත්තා. දැන් තියෙන්නේ දේශපාලඥයින්ගේ කොටස   තාවකාලිකව පිරළිසකර කරගත් මෙම මාර්ගයේ කිලෝමීටර් දෙකේ කොටස  මැතිවරණයකට පෙර කාපට් කරලා පිළිසකර කරලා දෙන්නවත්මන් ආණ්ඩුවේ පොළොන්නරුවේ දේශපාලඥයන්ට ආරාධනා කරනවා.  එලෙස නොකළහොත් මල්දෙණිය, කැකුළුවෙල ගම්මාන දෙක ඔය දේශපාලඥයින්ට තහනම් කලාපයක් වෙන බවත් ඔවුන්ට අපි දැනුම් දෙනවා….” ගම්මු අපට කීහ.

 

Exit mobile version