අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ලක්ෂ හතර හමාරක් තවම එක් එන්නතක් හෝ ලබාගෙන නෑ…

එන්නත් නොගත් වැඩිම වැඩිහිටි පරිස කුරුණෑගලින්...

vacc

කීර්ති ප්‍රනාන්දු –

මෙරට ජීවත්වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හාරලක්ෂ පනස් පන් දහස් පන්සිය තිස් නවයක් ( 4,55,539)ක්  කිසිම කොවිඩ් එන්නතක් මේ වනතුරු ලබාගෙන නැති බව  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දත්ත හෙළි දරවු කරයි.

මෙරට තුළ වයස  අවුරුදු 60ට  වැඩි පුරවැසියන් තිස්පන් ලක්ෂ  දහ නව දහස් එකසිය අනූවක් (35,19, 196) පමණ ජීවත්වන බවත් එයින්  එක් කොවිඩ් මාත්‍රාවක්  හෝ ලබාගෙන සිටින පිරිස තිස් ලක්ෂ හැට තුන් දහස් හයසිය පනස් එකක් (30,63,151) බව එම දත්ත පෙන්වා දෙයි.

සමස්ථ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් අතින් කිසිදු එන්නතක්  ලබා නොගත් වැඩිම  පරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව  හැට හතර දහස් හාරසිය විසි හතකි.


අමාත්‍යාංශ දත්තවලින් වැඩි දුරටත් පෙන්වා දෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ එකම එන්නතක්වත් ලබා නොගත්  වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් තිස් හය දහස් දාහතරක්,  කළුතර දිස්ත්‍රික්කයේ විසි දෙදහස් තුන්සිය හතලිස් හතක්, ගම්පහ දිස්ත්‍රික්කයේ තිස් නව දහස් තිස් පහක්, ජීවත් වෙති.

එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමේ දී එහි ලේඛන හා දත්තයන්ට අනුව  අනාවරණය වූයේ  මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවරුදු 60ට වැඩි පුද්ගලයින් දාසය දහස් හයසිය හැත්තෑ හතක් පමණක් මෙලෙස කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බවය.

රත්නපුර දිස්ත්‍රික්කයේ 60 වැඩි වැඩිහිටියන් දහතුන් දහස් එකසිය අනූ හයක්, මොණරාගල දිස්ත්‍රික්කයේ  දාහත් දහස් දෙසීය පනස් හතරක්,  අම්පාර දිස්ත්‍රික්කයේ විසි අට දහස් නවසිය හැට හයක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  පන්දහස් දෙසීය විසි හයක්, මුලතිවු දිස්ත්‍රික්කයේ  එක්දහස් අටසිය හැට හයක්, මාතලේ දිස්ත්‍රික්කයේ හාරදහස් එකසිය පනස් හයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ විසි පන් දහස් පන්සිය එකොළහක්, ගාල්ල දිස්ත්‍රික්කයේ දාසය දහස් දෙසීය පනස් දෙකක්,  මාතර දිස්ත්‍රික්කයේ විස් එක් දහස් හයසිය හැත්තෑ හයක්  කිසිම එන්නත් මාත්‍රාවක් ලබාගෙන  නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යාංශය පවසන්නේ මෙය ඉතා භයානක තත්වයක් බවය. එන්නත් කරණයට වහාම මේ පරිස යොමු විය යුතු බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මරණීය අවදානමක සිටින මේ කණ්ඩායමේ පවුල්වල සාමාජිකයන් උනන්දු වී ඔවුන් එන්නත් කරණයට යොමු කිරීමේ වගකීම ඇති බව අමාත්‍යාංශය පවසයි.

 

 

Exit mobile version