අල – බී ළූනු බදු පහළට

හෙට 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රි සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළුණු (බොම්බයි ළුණු) සඳහා වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, කි. ග්‍රෑමයකට රු 30 කින් අඩු කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් මෙම පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ අංක 2260/72 දරන 2021.12.31 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.


Exit mobile version