අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන!

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙසින් තම නම වෙනස්කරගෙ ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

අර්ජුන මහේන්ද්‍රන් සිය නම වෙනස් කරගෙන ඇති බව ජාත්‍යන්තර පොලිසිය විසින් සිදු කරන ද විමර්ශණවලදී හෙළිව ඇති අතර ජාත්‍යන්තර පොලිසිය මේ සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති දෙපාර්තමේනතුව දැනුවත් කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

යහපාලපන රජය බලයට පත්වීමත් සමඟ 2015 වසරේ ජනවාරි මාසයේදී මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස ත් වූ අතර මෙම ආන්දෝලනාත්මක කුප්‍රකට ගනුදෙනුව සිදුවන්නේ 2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදාය.


මෙම ගනුදෙනුව හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක පමණ පාඩුවක් ශ්‍රි ලංකාවට සිදුව ඇති බවට චෝදනා එල්ල වු අතර මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන නෛතික පියවර අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට සහ මෙරට අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය වී ඇතත් ඔහු ඊට කලින් විදේශ ගත විය.

සිංග්පූරුවේ පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහය මේ වනවිට ශ්‍රි ලංකා රජය ඉල්ලා ඇති අතර ඔහුගේ නම වෙනස් කිරීම පිළිබඳව අනාවරණය වී ඇත්තේ එහිදීය.

කෙසේ වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව උදර්පන නීති අනුව කටයුතු කළ අතර ඒ සඳහා අවශ්‍ය වන  පිටු 21000කින් සමන්විත දැවැන්ත ලියකියවිලි තොගයකට අත්සන් 21000ක් යෙදූ බව පසුගියදා ප්‍රකාශ කළේය.

එහෙත් මෙම නම් වෙනස් නිරීම පිළිබඳව දැන ගැනීමත් සමඟ හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීම සඳහා අලුතින් යළිත් නව නාමයට අදාළ වන  ලෙස ලියකියවිලි සැකසීමට සිදුවනු ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම වෙනස් කර ඇති බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට ද අද දැනුම් දී තිබේ.

Exit mobile version