අයියෝ සල්ලි!… මුහුද ආක්‍රමණය කළ නිසා  රාජසන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් කොන්දේසි නැතිව ආපහු දෙයි!

දිනසේන රතුගමගේ –

නාවික හමුදාව විසින් වරින් වර අත් අඩංගුවට ගත් ඉන්දිය ධීවරයින්ට අයත් ටෝලර් යාත්‍රා 126 කින් 68 ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇති බව යාපනයේ එක්සත් ධීවර සමීති  සම්මේලනය ඊයේ ( 28 ) දා පැවසීය.

එම සම්මේලනයේ සභාපති එස් වර්ණකුලසිංහම්   පැවසුවේ මේ වන විට ඉන්දීය ධීවරයින් කිසිවෙකු ශ්‍රී ලංකා අත් අඩංගුවේ නොමැති බවයි. 

ඇමති බෝට්ටු බලන්න ගිය හැටි…

නව ධීවර පනතට අනුව ඉන්දීය ධීවරයිගේ යාත්‍රා  ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී අත් අඩංගුවට පත් වූ විට  අධිකරණ නියෝග මත ධීවරයින් නිදහස් කෙරුණද ධීවර  යාත්‍රා රාජ සන්තක වෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රාජ සන්තක වී ඇති ධීවර  යාත්‍රා 126 ක් වෙන්දේසියේ අලෙවි කොට ඉන් යම් මුදල් කොටසක් ඉන්දීයාවේ බෝට්ටු අයිතිකරුවන් වෙත ලබා දෙන ලෙස  ඉන්දීය ධීවර සංගම් වලින් ඉල්ලීමක් ලැබීමෙන් පසුව ධීවර අමාත්‍යවරයා මීට මාසයකට ප්මණ ඉහතදී එම යාත්‍රා නිරීක්ෂණය කරණ ලදී.

Exit mobile version