අමෙරිකාවේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද ජාවාරමක් හෙළිවෙයි – අයෙක් අත්අඩංගුවට

ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුළු වී එම ගිණුම්වලින් මෙරට ගිණුම්වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරු කොට යළිත් අමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුදගලයකු වෙත මාරු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ඩුබායි බලා යාමට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

රුපියල් මිලියන 86ක මුදලක් මෙම සැකකරුගේ ගිණුමට බැරවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ත්‍රිකුණාමලය, පාවනාසකුලම් කින්යා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“පසුගිය 2020 මුල් කාර්තුවේ මුල් මාසවලදී ඇමෙරිකාවේ සිට මෙරට පුද්ගලික බැංකුවක් වෙත රුපියල් මිලියන 1,440 මුදලක් විවිධ පුද්ගලයින් වෙත එවා තිබෙනවා. ඒ එවා තිබෙන්නේ ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලංකික සම්බවයක් සහිත පුද්ගලයකු විසින්. ඔවුන් ඇමෙරිකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම් වෙත අන්තර්ජාලය හරහා ඇතුළු වී එම ගිණුම්වලින් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් ඉලෙක්ට්‍රොනික වශයෙන් මාරූ කිරීමක් සිදුකරනවා. එම මුදල් ලබා ගන්න ශ්‍රී ලංකාවේ පුද්ගලයින්, ශ්‍රී ලංකාවෙන් යවන මුදල් ලෙස ඔවුන්ට එම මුදල් නැවත යවනවා. ශ්‍රී ලංකාවේ ගිණුම් හිමි පුද්ගලයාටද විශාල ප්‍රමාණයක් ලැබෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version