අමෙරිකාවේ දෙවැනි බලවතාට උපදෙස් දෙන ලාංකේය කත

අමෙරිකාවේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් ඇයගේ දිගුකාලීන උපදේශකවරිය වූ ශ්‍රී ලංකා-ඇමරිකානු පුරවැසියකු වන රෝහිණී කොසොග්ලු ඇගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස නම් කර තිබේ.

“මගේ දේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කරන්නේ ඇමරිකානු ජනතාව මුහුණ දෙන වැදගත්ම කාරණා පිළිබඳ විශේෂඥයෙකු පමණක් නොව, සෙනෙට් සභාවේ සහ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මගේ සමීපතම සහ විශ්වාසවන්ත සහායකයකු වන රෝහිණී කොසොග්ලු ය.” කමලා හැරිස් පැවසුවාය.

මෙරට යාපනයේ පදිංචි වෛද්‍ය විජේදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන් යන දෙපළට දාව උපන් රෝහිනී ශ්‍රී ලංකා-ඇමරිකානු පුරවැසියෙකි. මුලින් නිව් ජර්සි හි විසූ රෝහිනී කොසොග්ලු මිචිගන් විශ්ව විද්‍යාලයේ සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.


බයිඩ්න්-කමලා බල සංක්‍රාන්ති සමයේදී මෙන්ම කමලා හැරිස් උප ජනාධිපතිවරයාගේ ලෙස තේරී පත් වීම වෙනුවෙන් අමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක කාර්යභාරයක් රෝහිනී විසින් ඉටු කළ අතර 2017 සිට හැරිස් මහත්මියගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස සේවය කළාය. ඇය මීට පෙර හැරිස් මහත්මියගේ සෙනෙට් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළාය. සෙනෙට් සභාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ පළමු දකුණු ආසියානු ඇමරිකානු කාන්තාව ඇයයි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි පාසලේ ඇගේ චරිතාපදානයට අනුව, රෝහිනී මැතිවරණ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස රෝහිනී කොසොග්ලු ඩොලර් මිලියන 40 ක අයවැයක් සහිත තුන්සියයකට අධික කාර්ය මණ්ඩලයක් සිටින කණ්ඩායමක් සඳහා විවාද සකස් කිරීම, ප්‍රතිපත්ති, සන්නිවේදනය සහ මෙහෙයුම් කළමනාකරණය කර අධීක්ෂණය කර ඇති තැනැත්තියකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර රෝහිනී කොසොග්ලු සෙන්ස්, කොලරාඩෝ හි මයිකල් බෙනට් සහ මිචිගන්හි ඩෙබී ස්ටේබෙනෝ සමඟ ජ්‍යෙෂ්ඨ නායක තනතුරු දැරීය.

Exit mobile version