අම්බලන්තොට වී පර්යේෂණායතනයෙන් නව වී ප්‍රභේදයක්!

කීර්ති ප්‍රනාන්දු –

අම්බලන්තොට රජයේ වී පරීක්ෂණ ආයතනය නව නාඩු වී ප්‍රභේදයක් බිහි කර තිබේ. මෙම නාඩු වී ප්‍රභේදය AT 378 ලෙස නම් කර ඇත.

මාස තුන හමාරක කාලයකින් අස්වනු නෙලා ගත හැකි මෙම නාඩු වී ප්‍රභේදයෙන් අක්කරයකට බුසල් 180ක අස්වැන්නක් ලබා ගත හැකි  බව අම්බලන්තොට වී පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණී සිරිවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

මෙම වී බුසලක් කිලෝ 21ක් පමණ බරක් සහිත බව ද අම්බලන්තොට රජයේ වී පරීක්ෂණ ආයතනය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රභේදය ගොවීන් වෙත බෙදා දී තිබේ.

Exit mobile version