අපොස (සා.පෙ.)  සියලුම විෂයන් අසමත් වැඩිම සිසුන් ගණන  බස්නාහිර පළාතෙන්…  

ලලිත් චාමින්ද –

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2021)  විෂයයන් හයකට  හෝ ඊට වැඩි ගණනකට පෙනී  සිට සියලු විෂයන් අසමත් වු සිසුන් සංඛ්‍යාව  6,566 දෙනෙකු බැව් විභාග දේපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 2.11ක් බවද එම වාර්තාවේ දැක්වේ. 

පළාත් අනුව ගත් කළ විෂයයන් හයකට  හෝ ඊට වැඩි ගණනකට පෙනී  සිට සියලු විෂයයන් අසමත් වු සිසුන් වැඩිම  සංඛ්‍යාවක් වාර්තා වන්නේ  බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව  1803 දෙනකි.

මධ්‍යම  පළාතෙන් 754, දෙනෙකු, දකුණු පළාතෙන් 560 දෙනෙකු, උතුරු පළාතෙන්  384 දෙනෙකු,  නැගෙනහිර පළාතෙන්  462 නෙකු වාර්තා වි ඇත.  


එමෙන්ම  වයඹ පළාතෙන්   සිසුන් සංඛ්‍යාව  900 දෙනෙකු, උතුරුමැද පළාතෙන්  545 දෙනෙකු,  ඌව පළාතෙන් 496 දෙනෙකු, සහ සබරගමු පළාතෙන් 662 නෙකු වාර්තා වි ඇති බවද එම වාර්තාවේ සදහන් වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා  සිසුන් 311,321 දෙනෙකු පෙනි සිටි අතර ඉන් 231,982 නෙකු  අ.පො. ස උසස් පෙළ සදහා සුදුසුකම් ලබා සිටිති.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


..

Exit mobile version