2022 අවුරුදු 05ට අඩු දරුවන් අතර ළමා මන්ද පෝෂණය වැඩි දකුණු ආසියාවේ දෙවැනි රට! ඒ තමයි අපේ රට… නව මහ බැංකු වාර්තාව හෙළි කරයි!

ගෝඨා දුටු කාබනික හීනයේ මාරක ප්‍රතිඵල ටික ටික එළියට...

malnutrition

ලලිත් චාමින්ද

අවුරුදු පහට අඩු දරුවන් අතර  උසට සරිලන බර නොමැති  දරුවන්ගේ ප්‍රතිශතය සැලකිමේ දි  ශ්‍රි ලංකාව  දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපැමට ලක්වු රටවල් අතර  දෙවන ස්ථානයට පත්ව ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ලෝක බැංකු සංඛ්‍යා ලේඛන වලට අනුව  2022 වර්ෂයේ දි මෙරට  ළමුන්ගේ පෝෂණ මට්ටම   පිරිහිමට ලක්ව ඇති බවද  එම වර්තාවේ දැක්වේ. 

2022 වර්ෂය තුළ මෙරට අවුරුදු පහට අඩු ළමුන් අතර  අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය  සියයට 15.3 දක්වා වැඩිවි ඇත. එය 2021 වර්ෂයේ දි  සියයට 12.2ක්ව පැවතුනි. මේ අතර 2022 වර්ෂය තුලදි අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති හා  උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය පිළිවෙළින්  සියයට 9.2ක් සහ සියයට 10.1 දක්වා ඉහල ගොස් ඇති බවද මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

2021 වර්ෂය තුළ අවුරුදු පහට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය  සියයට 7.4කි. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 8.2කි.


 ආර්ථික ගැටළු හේතුවෙන්  මෙරට ළමා මන්දපෝෂණ තත්වය වර්ධනය වි ඇති අතර  බොහෝ දිස්ත්‍රික්කවල ළමා මන්දපෝෂණ තත්වය අයහපත් ලෙස වර්ධනය වි ඇති බවද මහබැංකුව විසින් නිකුත්කොට ඇති වර්තාවේ සදහන් වේ. 

අවුරුදු පහට අඩු දරුවන් අතර  ඉහළම  අඩුබර ළමුන් ප්‍රතිශතය  වු සියයට 23.9 නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්  වාර්තාවේ. අඩුබර ළමුන්ගේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි .එය සියයට 9.8කි. 

ළමුන් අතර  වයසට සරිලන උස නොමැති  ළමුන්ගේ වැඩිම  ප්‍රතිශතයක් වාර්තාවන්නේ  නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට  22.8කි. එහි අඩුම ප්‍රතිශතය වන  සියයට 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෝෂණ විෂමතා මැඩලිම සදහා  එකාබද්ධ  උත්සාහයක් නොගතහොත්  ආර්ථික අර්බුදය හමුවේ මෙම විෂමතාවයන් තවදුරටත්  උග්‍රවනු ඇති බවද  මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂිත වාර්තාවේ සදහන් වේ. 

 

Exit mobile version