අපේ මරණ දඬුවමවත් ලිහිල් කරන්න… මහර රැඳවියන් 70ක් උපවාසයක…

Mahara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණ දණ්ඩනය නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70ක් අද දහවල් සිට ආහාර වර්නය කරමින් උපවාසයක් අරඹා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

ජනාධිපති සමාව සහිතව මරණීය දණ්ඩනයට නියම වූ ආර්. දුමින්ද සිල්වාත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු රහිතව සිරකරගෙන සිටි එල්.ටී.ටී සාමාජිකයන් 16 දෙනෙකුත් සුළු වැරදි, ඇප ගෙවීමට නොහැකි වීම නිසා බන්ධනාගාරගතව සිටි 76 දෙනෙකුත් ඇතුළු 93 දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් වීමත් සමග මහර බන්ධනාගාර සිරකරුවෝ මෙසේ විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ.

වර්ජනයේ යෙදෙමින් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමිව ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ප්‍රකාශ කරන ලෙසය.

Exit mobile version