අපේ ජනබල මන්ත්‍රී නිසා මැතිවරණ කොමිසමෙත් බෙදීමක්

අපේ ජන බල පක්ෂයට ලැබීමට නියමිත ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නීතිපති උපදෙස් අනුව පත් කළ යුතු මන්ත්‍රීවරයා පත් නොකිරීම හේතුවෙන් මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතරද යම් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මැතිවරණ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

එම කොමිසමේ ඇතැම් සාමාජිකයන් තම පෞද්ගලික මතය මෙම මන්ත්‍රීවරයා පත් කිරීම සම්බන්ධයෙන් පළ කිරීම සහ නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව එය පත් කිරීමට කටයුතු නොකිරීම හරහා මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි එම ආංරචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

එම ආරංචිමාර්ගවලට අනුව නීතිපති උපදෙස් ලැබී ඇත්තේ මුලින්ම පක්ෂ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් ඉදිරිපත් කළ ලිපියට සහ එම යෝජනාවට අනුව මැතිවරණ කොමිසම මඟින් අදාල මන්ත්‍රි පත් කිරීම සිදු කළ යුතු බවය.


කෙසේවුවද මේ වනවිට එම ලේකම්වරයා ඉවත් කොට නව ලේකම්වරයකු මැතිවරණයෙන් පසුව පත් කළ බව මැතිවරණ කොමිසම දැනුවත් කළද අදාල මන්ත්‍රී ධුරය පත් කිරීම සඳහා නෛතිකව වලංගු වන්නේ අදාළ මුල් මහලෙක්ම්වරයා විසින් ලබා දෙන ලද ලිපිය බව සඳහන්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මුල් මහලේකම් ධුරය දැරූ වේදිනිගම විමලතිස්ස හිමියන් පොලිසියේද සහය ලබන තවත් හිමිනමකගේ රැකවරණ මැද සිටින බවද වාර්තා වේ.

Exit mobile version