අපේම ඔමික්‍රොන් අනුප්‍රභේද දෙකක් රටම ආක්‍රමණය කරන ලකුණු!

රටේ ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බවත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ප්‍රභේද දෙකක් රට තුළ ව්‍යාප්ත වෙමින් ඇති බවත්,  ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යාව පිළිබඳ විද්‍යායතනය ප්‍රකාශ කළේය.

 ප්‍රභේද පරීක්ෂා කළ සාම්පල 78න් 75ක් ඔමික්‍රෝන් බවත් මෙතෙක් රට තුළ පැතිරී පැවති ඩෙල්ටා ප්‍රභේදය ඇත්තේ සාම්පල තුනක පමණක් බවත් එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේය.  

මෙම සාම්පල ලබා තිබුණේ මේ මස මුල් සතියේ මැද භාගයේ දීය.


ඔමික්‍රෝන් AB.1 අනු ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 56 දෙනෙකු කොළඹ , අවිස්සාවෙල්ල, බොරළැස්ගමුව,හෝමාගම කටුගොට , කොස්ගම, මඩපාත , පාදුක්ක,හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින්  හඳුනාගෙන තිබණි.    මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයන් සියලුම දෙනා හඳුනාගෙන තිබුණේ සමාජයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඔමික්‍රෝන් AB.2 අනු ප්‍රභේදය ආසාදනය වූ 12 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර  ඔවුන් හදුනාගෙන ඇත්තේ  අවිස්සාවේල්ල,  බදුල්ල කොළඹ ගාල්ල , ගල්කිස්ස, නුගේගොඩ යන ප්‍රදේශවලිනි.

Exit mobile version