සමුද්‍ර සීමාවන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මස 2 වන දින මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකික ධිවරයින් 08 දෙනෙක් තමන් ඉතාම කටුක තත්ත්ව යටතේ රඳවාගෙන තබා ඇති බවත්, ආහාර ජලය සහිත මූලික පහසුකම් හෝ නොලැබෙන බවත් දන්වා වහාම තමන් නිදහස් කරගැනීමට මැදිහත් වෙන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
මේ වනවට මෙම ධීවරයින් අට දෙනා ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රූට් බබා 06 බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 8 දෙනෙකු සමඟ පසුගිය අප්‍රේල් 5 වන දින වෙන්නප්පුවෙන් පිටත්ව ගොස් සිටිය දී මුහුදු සීමා උල්ලංඝනය කිරිමේ වරදට මැඩගස්කර් ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් විය.
ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මැඩගස්කරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනා නිදහස් කර ගැනීම සඳහා සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.
නීතිමය කටයුතු සඳහා සහාය වීමට ප්‍රංශ සහ සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි පරිවර්තකයෙකු මැඩගස්කරයට යැවීමට සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කරයි.







