අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…

සටහන හා ඡායාරූප – සුනේත්‍රා ඇතුගල්පුර-

විවිධ තර්ජනයන්ට මුහුණ පා සිටින ආසියාතික අලි ඇතුන් සුරක්ෂිත කිරීමේ වැදගත්කම කියාපාන සුවිශේෂී ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ රපස්ව්ල් පළාතේ පැවැත්වේ .
මෙම ප්‍රදර්ශනයට මනරම් ලෙස වර්ණවත් කළ අලින් 60 දෙනෙකුගේ මූර්ති ඇතුළත් වේ .
ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ලෝකයේ පුරා සිටින කලාකරුවන්, චිත්‍ර ශිල්පීන් විසින් මෙම අලින් ගේ මූර්ති හැඩගන්වා තිබීමය.


පොප් ඡායාරූප ශිල්පී රොමේරෝ බ්‍රිටෝ, ගායනය ශිල්පී ෆිල් කොලින්ස් සහ විකට නළුවෙකු වන එම්ල් ස්ටයින් බර්ග් ඒ අතර වෙති.
අලි පෙළපාලිය (Elephant parade )ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය ඉදිරියේදී ස්විට්සර්ලන්තයේ සුරිචි ප්‍රදේශයේ ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එය දැනටමත් යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රදර්ශනය කොට ඇත .
මෙම විශේෂිත ප්‍රදර්ශනය ස්විට්සර්ලන්තය තුළ සංවිධානය කරන්නේ ස්විස් ජාතික සර්කස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ප්‍රාන්කොක්නිය. ඔහුට හිමි ළමුන් සඳහා වූ සත්වෝද්‍යානයක් ද රපස්ව්ල් ප්‍රදේශයේ ඇති අතර එය ලොකු කුඩා කාගේත් සිත් ඇදගන්නා සත්වෝද්‍යානයකි. මෙම සත්වෝද්‍යානයේ ආසියාතික අලි ඇතුන් ගණනාවක්ම වෙති. ඔවුන් සත්වෝද්‍යානයේ ආකර්ෂණීයම කොටස බවට දැනටමත් පත්ව හමාරය. ක්නි සර්කස් කණ්ඩායම දශක කිහිපයක් පුරා අලි ඇතුන් සිය සර්කස්වල ප්‍රමුඛතම අංගයක් ලෙස යොදා ගැනුණි එහෙත් වසර කීපයක සිට එය සර්කස් න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් තීරණය කළේය. ඒ අලි ඇතුන් ට සිදුවන හිංසනයට එරෙහි සිය අභිප්‍රායට ආදර්ශයක් සපයා දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මෙම ප්‍රදර්ශනයේ ඇතැම් අලින්ගේ පිළිරූ වල විචිත්‍රවත් ලෙස විවිධ කතා අඩංගු රූප පාට කර තිබීම විශේෂත්වයකි. ඇතැම් ඒවායේ විසුතුරු මල් දම් වලින් වර්ණ ගන්වා තිබේ. එමෙන්ම තවත් අලි මූර්ති විනෝදාස්වාදයක් ගෙනදෙන අයුරින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබිණි.
ප්‍රදර්ශනය ස්විස් ජාතිකයින්ට නවතම අත්දැකීමක් වූ අතර බොහෝ පිරිස් මෙම එළිමහන් ප්‍රදර්ශනයේ අලි ඇතුන්ගේ මූර්ති ඡායාරූප ගැනීමට විශේෂ උනන්දුවක් දැක්වීය. ඒ අතර සෙල්පි ඡායාරූප ද විශේෂත්වයක් ගත්තේය .
ආසියානු අලි ඇත්තුන්ගේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනයන් හා අලි ඇතුන්ගේ දුක්ඛිත තත්වයන් කෙරෙහි ලෝකයේම අවධානය යොමු කිරීමේ වැදගත්කම ප්‍රදර්ශනයේ අරමුණ වී ඇත .


Exit mobile version