අනුර කුමාරගේ ප්‍රකාශය කතානායක ප්‍රතික්ෂේප කරයි

mahinda yapa speaker parliament

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගිය දා (06) දා මාධ්‍ය හමුවේ කතානායකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන වැය ශීර්ෂ විවාදයේ දී, කතානායකවරයා විසින්‌ ස්ථාවර නියෝගවලට පටහැනිව පක්ෂග්‍රාගීව ක්‍රියාකල බවත්‌, එසේ කටයුතු කිරීම නිසා පසුගිය කාලයේ දී මැති සබයේ අප්‍රසන්න ගැටුම්‌ ඇතිවූ බවත්‌ චෝදනා කරමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කථානායක මාධ්‍ය අංශය විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.


“දෙසැම්බර්‌ මස 06 වන දින අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක්‌ පවත්වමින්‌ එදින, නිවාස හා නාගරික සංවර්ධන වැය ශීර්ෂය සම්බන්ධයෙන්‌ විවාදයේ දී, මා විසින්‌ ස්ථාවර නියෝගවලට පටහැනිව පක්ෂග්‍රාගීව ක්‍රියාකල බවත්‌, එසේ පක්ෂග්‍රාගීව කටයුතු කිරීම නිසා පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ දී සිදුවූ අප්‍රසන්න ගැටුම්‌ ඇතිවූ බවත්‌ චෝදනා කරන ලදී. එම චෝදනා තුලින්‌ රටේ පොදු ජනතාව නොමග යැවීම වැලැක්වීම පිණිස මෙම කරුණු ඉදිරිපත්‌ කරමි.

2021 දෙසැම්බර්‌ 06 දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ නාගරික සංවර්ධන භා නිවාස අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධව විවාදයේ දී සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ වර්ජනයක නියැලෙමින්‌, සභාගැබට පැමිණ නොසිටීම නිසා එම වැය ශීර්ෂය ඡන්ද විමසීමකින්‌ හෝ විවාදයකින්‌ තොරව සම්මත විය. එම වැය ශීර්ෂය යටතේ විවාදය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජා අමාත්‍ය නාලක ගොඩහේවා මැතිතුමා නැගී සිටි අවස්ථාවේදී, ස්ථාවර නියෝග 130 (05) ප්‍රකාරව මා එය වලක්වමින්‌ විවාදයකින්‌ නොරව සභාව පචත්වාගෙන යන ලදී. ඒ පාර්ලිමේන්තු ක්‍රියාදාමය සඳහා අවශ්‍යයෙන්ම පරිශීලනය කරන ස්ථාවර නියෝග 130 (05) ට අනුව කිසියම්‌ ව්‍යාපෘතියක්‌ හෝ වැය විෂයක්‌ සම්බන්ධයෙන්‌ සම්ප්‍රදායානුකූලව ඉතාම සුළු අඩු කිරීමේ යෝජනාවක්‌ විපක්ෂයේ පාර්ශවය විසින්‌ ඉදිරිපත්‌ නොකරන්නේ නම්‌ විවාදයකට ඉඬක්‌ නොලැබෙන බැවිනි. මේ සම්බන්ධයෙන්‌ ඉතා පැහැදිලි දර්ශන පද්ධතියේ සටහන්ව ඇත. එසේ තිබියදී, අසත්‍ය කරුණු හුවා දක්වමින්‌ කථානායක ධූරයටක්‌, උත්තරීතර පාර්ලිමේන්තුවටත්‌ අපහාස වන අයුරින්‌ ප්‍රකාශ නිකුත්‌ කිරීම මා තරයේ හෙලා දකිමි.

එපමණක්ද නොව, පසුගිය පාර්ලිමේන්තුව හා සන්සන්දනය කිරීමේදී රීති ප්‍රශ්න නැගීමේ සාධාරණ අවස්ථාව සියලු මන්ත්‍රීවරුන්ට හිමිව ඇති බවත්‌, පාර්ලිමේන්තුවේ හැන්සාඩ්‌ වාර්තාවන්ට අනුකූලව පසුගිය පාර්ලිමේන්තු සමය භා සංසංදනයේදී ආණ්ඞු පක්ෂයට වෙන්ව ඇති කාලය 67% සිට 52% දක්වා අඬුව ඇති අතර විපක්ෂයට වෙන්වූ කාලය 33% සිට 48% දක්වා ඉහළ නැංවී ඇති බවත්‌ ජනතාවගේ දැනගැනීම පිණිස සඳහන්‌ කරනු කැමැත්තෙමි. එවැනි සාධනීය පියවරයන්‌ මවිසින්‌ ගනු ලැබුවේ ජනතාවාදී යහපත්‌ සංවාද තුලින්‌ ජනතාවට වඩාත්‌
ඵලදායී සේවයක්‌ පාර්ලිමේන්තුව තුළින්‌ ඉටුකිරීමට විනා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කරන පෞද්ගලික අපහාස, අසත්‍ය ප්‍රකාශ හෝ හිස් කථාවලට කාලය ලබාදීමට නොවන බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

යම්‌ පුද්ලයකුගේ පෞරුෂය ගොඩනැගෙන්නේ ඔහු හෝ ඇය කාලයක්‌ තිස්සේ ක්‍රියාකල හා ක්‍රියා කරන ආකාරය මත මිස, දරණ තනතුර හෝ අන්‌ අය විසින්‌ නගන චෝදනා මත නොවන බව මාගේ විශ්වාසයයි. යහපත්‌ පෞර්ෂයක මූලික ලක්ෂණයන්‌ වන්නේ සෑම විටම සත්‍යවාදීවීමක්‌ අන්‌ අයගේ පෞර්ෂවල ඇති අඩුපාඩු සෙවීමට වඩා තමාගේ පෞර්ෂය වර්ධනය කරගැනීමට කටයුතු කිරීමත්‌ බැවින්‌ මින්‌ ඉදිරියට එම ලක්ෂණ වඩා වර්ධනය කරගනිමින්‌ ජනතාවගේ හාස්‍ය වෙනුවට බුද්ධිය භා ගෞරවය උද්දීපනය වන ආකාරයට කටයුතු කරන ලෙසට
ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගෙන්‌ මා ඉල්ලා සිටිමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන වශයෙන්‌ නිසිපරිදි කරුණු සොයාබැලීමකින්‌ තොරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව වැරදි තොරතුරු ජනගත කිරීම දීර්ඝකාලීනව දේශපාලනයෙහි නියුක්ත පරිණත පුද්ගලයෙකුට නොතරම්‌ බව ඉතා කනගාටුවෙන්‌
වුවද මෙහිදී යළිත්‌ අවධාරණය කරනුයේ එය කිසියම්‌ පාර්ශවයක කෙටිකාලීන උන්නතියට මඟපාදන්නේ යැයි පෙනුණද සැබැවින්ම සමස්ත රටක්‌ අවනීතිය කරා යන ගමනක මූලාරම්භය බව පෙන්වා දෙන අතරෙහිය. සියලු මන්ත්‍රීවරුන්‌ තමන්ගේ හා උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කරන ලෙස මා ඉතා ඕනෑකමින්‌ ඉල්ලා සිටිමි.” යනුවෙන් ද එහි සඳහන් වේ.

Exit mobile version