අධිශීතකරණ නැති අඹන්පොල රෝහල් මෘතශරීරාගාරයේ ඊයේ උදේ සිට කොවිඩ් දේහයක්…

අඹන්පොළ  කොවිඩ් ප්‍රතිකාර මධ්‍යසථානයේ සිදු වූ දෙවැනි කොවිඩ් මරණය ඊයේ උදෑසන දහයේ සිට රෝහලේ තැන්පත් කර ඇති බවත් මෘත ශරීරාගාරයේ  අධි ශීතකරණ නොමැති නිසා බරපතල සෞඛ්‍ය අනතුරක් නිර්මාණය වෙමින් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මියගොස් තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි  මුස්ලිම් ජාතිකයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පැය  24කට වඩා දේහය අධිශීතකරණ නැති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්  අදාල බලධාරින් දැනුවත් කළද මේ වනතුරුත් දේහය ආදාහනය කර නැති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.


Exit mobile version