අධිකරණවල පෙනී නොසිටින විත්තිකරුවන්ට වරෙන්තු නෑ…

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් හා රජය මගින් පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් අධිකරණවල පෙනී නොසිටින විත්තිකරුවන්ට හෝ සැකකරුවන්ට වරෙන්තු නිකුත් නොකරන ලෙස අධිකරණසේවා කොමිෂන් සභාව සියලුම මහේස්ත්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

එසේම අත්‍යාවශ්‍ය නඩු කටයුතු විවෘත අධිකරණයේ දී කැඳවීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත් අධිකරණවලට අලුතින් ගොනු කරන පැමිණිලිවලට අදාල සැකරුවන් පමණක් අධිකරණ තුළ තදබදය අඩුවන අන්දමින් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත.

ඊට අරමතරව අනෙකුත් විත්තිකරුවන් සහ සැකකරුවන් අධිකරණය හමුවට කැඳවීමේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නියෝජනය පමණක් ප්‍රමාණවත් බව ද කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දී ඇත.

තවද මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන ඇප අයදුම්පත්වලට ප්‍රමුඛත්වය ලබා දී නීතිඥ නියෝජනය සහිතව පමණක් කැඳවන ලෙසත් සෙසු අනෙකුත් නඩු කටයුතු කල් තැබීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී තිබේ.



Exit mobile version