අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..

මූලික සදාචාරයක් විනාශ කරලා... තමන්ගේ සරසවියේ 40කට එන්.අයි.ඊ. පත්වීම් දෙන්න හදනවා... ගුරු අධ්‍යාපනඥයින්ගේ සංගමය කියයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි සේදර පුද්ගලික විශ්විද්‍යාලයක වැටුප් ලබන උපකුලපතිවරයෙක් බව තමන්ම පිළිගත් බවත්,   ආයතන සංග්‍රහයේ විධි නියමයන් පමණක් නොව, මූලික සදාචාරයන්ටත් පටහැනිව සිදුවන අශීලාචාරකම ඔහුම පිළිගැනීම රටේ අධ්‍යාපනය පිළිබඳ බරපතල ප්‍රශ්නකාරී තත්වයක් ඇති කරන බවත් සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ නිලධාරීන්ගේ  සංගමය පවසයි.

රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ භාර රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පුද්ගලික සරසවියකින් වැටුප් ලබන ප්‍රධානියෙක් බව මීට දෙදිනකට පෙර ප්‍රසිද්ධ රැස්වීමක දී ඔහුම පිළිගෙන තිබිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි සේදර පවසා ඇත්තේ තමන් පල්ලෙකැලේ SIBA සරසවියේ “රෙක්ටර්“ ලෙස කටයුතු කරන බවය.

එමෙන්ම ලේකම්වරයා තමන් උපකුලපති තනනතුර දරන SIBA සරසවියෙන් උපාධි ලබා පිටවන පුද්ගලයින් 40 දෙනෙකුට ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය පත්වීම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ නිලධාරීන්ගේ  සංගමය පෙන්වා දෙයි.   

දැනටමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය නිර්දේශ සකස් කිරීම ඇතුළු ප්‍රධාන වැඩ කොටසක් කිරීම සඳහා SIBA සරසවියේ ඔහුගේ ගෝලයන් යැයි පවසන පුද්ගලයින් 12ක් බඳවාගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version