අද ලැබුණු සයිනොෆාම් මාත්‍රා ලක්ෂ විස්ස හෙට දිස්ත්‍රික් 12ක එන්නත්කරණයට

SYNOFARM

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනයේ සිට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් අද (22) අළුයම ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වනු ලැබුවේය.

මෙම එන්නත් තොගයේ පළමු එන්නත් මාත්‍රා ලක්ෂ 10 අද අළුයම 5.17ටත් දෙවන එන්නත් මාත්‍රා ලක්ෂ 10 අද අළුයම 5.30ටත්  චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ගුවන් යානා දෙකකින් කටුනායකට රැගෙන ආවේය.

මෙම එන්නත් තොගය හෙට සිදුවන එන්නත්කරණයන් සඳහා දිස්ත්‍රික්ක 12කට යැවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කීවේය.

හෙට පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහන් වෙනුවෙන් මඩකලපුව, අම්පාර, මොණරාගල, නුවරඑළිය, පොළොන්නරුව, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා එක්ලක්ෂ විසිපන් දහසක් ද, රත්නපුර, බදුල්ල, මාතර දිස්ත්‍රික් සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ දෙක බැගින් ද, ගාල්ල දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා දෙලක්ෂ හැත්තෑපන් දහසක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂ හතරක් ද බෙදා හැරීමට නියමිතය.

Exit mobile version