අද දවස තුළ තවත් කොවිඩ් මරණ 06ක්… ආසාදිතයන් 796ක්…

අද දවස තුළ කොවිඩ් මරණ 06 සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

බණ්ඩාරගම ප්‍රදේශයේ 83 හැවිරිදි කාන්තාවක්,  හබරාදූව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  මීගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරංගොඩ පදිංචි 53 හැවිරිදි  පරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.

මේ අනුව අද වනවිට ලංකවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 390කි. .


එමෙන්ම අද දිනය තුළ කොවිඩ් අසාදිත පුද්ගලයන් 796ක් වාර්තා විය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 70826කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version