අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09යි… ආසාදිතයන් 878යි….

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 09ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. කොළඹ 15 ප්‍රදේශයේ 95 හැවිරිදි පුද්ගලයෙක්, අනුරාධපුරයේ 61 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල  ප්‍රදේශයේ 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  මීගමුව ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක්,  කයිට්ස් පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, හොරණ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාවනැල්ල ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබුණහ.

මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 365කි.

එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන්  878ක් වාර්තා විය. ඉන් 19 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.  කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 66225 දක්වා ඉහළ ගොස් ඇතැයි රජය නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version