අදටත් පෙට්‍රල් ලීටරේ බද්දත් එක්ක රු124කට දෙන්න පුළුවන්

fuel

ආණ්ඩුවට තවමත් බදු හෝ ඩීලර් ගාස්තු රහිතව පෙට්‍රල් ලීටරයක් සඳහා වැය වන්නේ 83ක් බවත් අදාළ බදු සහ ගාස්තු ඇතුළත්ව අදටද රුපියල් 124කට ලිටරයක් ලබා දිය හැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව කීය.

තෙල් මිල සූත්‍රයට අනුව ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලය ඩොලර් 68.81 පවතින අතර ආණ්ඩුව තෙල් ලීටරයකින් රුපියල් 48.08ක බදු අය කරන බව ඔහු කියා සිටී.


යහපාලන ආණ්ඩුව පෙට්‍රල් ලීටරය රුපියල් 138ට ලබා දුන්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79ට තිබියදී බව ද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
2019 දී වත්මන් පාලකයින්ට ආණ්ඩුව භාර දෙන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරල් එය තිබුණේ ද ඩොලර් 64ට බවත් ඒ වනවිටත් රුපියල් 138ට පෙට්‍රල් ලීටරයක් ලබාදීමට ලබා දීමට හැකි වූ බවත් ඔහු සදහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 19ක් බව මරික්කාර් මහතා කීය.

එහෙත් ආණ්ඩුව විසින් ඒ ප්‍රතිලාභය නොදුන් අතර කරුණු දෙකක් ගෙනහැර දැක් වූ බව ඔහු සිහිපත් කළේය.

ඒ එම ලාභය බඩු බඩු මිල අඩු කිරීමෙන් අඩු කිරීමෙන් ජනතාවට ලබාදෙන බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනය වන අවස්ථාවල දී මෙරට තුළ තෙල් මිල ඉහල දැමීම සිදු නොවීමට තෙල් ස්ථායිතා අරමුදලක් පිහිටුවන බවයි .

මරික්කාර් මන්ත්‍රීවරයා පවසන්නේ බඩු මිල අඩු කරනු වෙනුවට සති දෙකක් පමණක් සහ පරිප්පු ගැසට් කොට මිල අඩු කර තැබූ අතර පසුව එය ද ඉවත් කළ බවයි.

තෙල් ස්ථායිතා අරමුදලක් පිහිටුවා නැති බවත් ගෙවුණු වසරේ තෙල් සංස්ථාව රුපියල් බිලියන 33.9ක එනම් රුපියල් කෝටි 3390 ක අධික ලාභයක් ලබා ඇති බවත් ඔහු කියා සිටියි.

එමෙන්ම ජනතාවට තෙල් සහන ප්‍රතිලාභ ලබා නොදී අයිඕසී සමාගමටද රුපියල් මිලියන 880 ක ලාභයක් තෙල් මිල අඩු නොකිරීමෙන් ලබාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කළ බව මයිකල් මහතා චෝදනා කළේය.

මේ වසර අවසානයේදී බොරතෙල් බැරලය ලෝක වෙළෙඳපොළ තුළ වෙළෙඳපොළ තුළ ඩොලර් සීයට ඉහළ ගියොත් තෙල් මිල තවත් වැඩි කරන්නේද යන්න එස් එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘මේ ආණ්ඩුව නාඩගම් දාන්නේ. මට මතක් වෙනවා පරණ කතාවක් තිබුණා හොරු සමග හෙළුවෙන් කියලා. තෙල් සමග ආණ්ඩුව හෙළුවෙන් බව මේ විවාදය තුළ දී ජනතාව තේරුම් ගනීවි’ යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී කීය.

Exit mobile version