අතුරුදන් බවට සැකකල ඩුබායි කුමරියගේ අලුත්ම හෝඩුවාව

princess latifa

ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් විසින් බලහත්තාරයෙන් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට චෝදනා එල්ලවුනු ඔහුගේ දියණිය වන ලතීෆා මක්ටූම් කුමරියගේ ඡයාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළවී තිබෙනවා.

මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වල පලවී ඇත්තේ තමන්ව බලහතාරයෙක් රදවාගෙන සිටින බවට විඩියෝවක් ලතීෆා කුමරිය බීබීසී පුවත්සේවයට යොමුකර මාස තුනකට පසුවයි.

ලතීෆා කුමරියගේ මෙම ඡයාරූප පළකර ඇත්තේ හිටපු රාජකීය නාවික හමුදා සාමාජිකාවක් වූ සියොන්ඩ් ටේලර් නැමැත්තියගේ ඉස්ටග්‍රෑම් ගිණුම් මගින්ය. එම ඡායාරූප වල ලතීෆා කුමරිය, ටේලර් සහ තවත් කාන්තාවක් මෙම ඡායාරූපවල පෙනී සිටිනවා.


එක් ඡායාරූපයක් ඉකුත් අඟහරුවාදා පළවී ඇති අතර එය ඩුබායි සාප්පු සංකීරණ්යේදී ගන්නා ලද්දක් බවට පෙනීයනවා. එම ඡායාරූපයේ පසුපසින් මැයි 13වැනිදා තිරගත වීම ආරම්භ වූ චිත්‍රපටයක දැන්වීමක්ද දක්නට ලැබේ.
දෙවැනි ඡායාරූපය සෙනසුරාදා පළකර ඇති අතර එහිදී ලතීෆා කුමරිය පිටුපසින් ඩුබායි සාප්පු සංකීරණය දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් තවමත් මේ ඡායාරූප වල නිරවද්‍යතාය තමන්ට තහවුරු කළනොහැකි වූ බව රොයිර් පුවත්සේවය සඳහන් කරයි..
එසේම මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වල පලවී ඇති නිසාවෙන් එහි සත්‍ය දත්ත Metadate එය ගන්නා ලද දිනය තහවුරු කරගැනීමට නොහැකි වී තිබේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී ලතීෆා කුමරිය විසින් බීබීසී පුවත්සේවය වීඩියෝවක් යොමුකරමින් කියා සිටියේ තමන්ව පියා විසින් ප්‍රාණ ඇපකාරියක් වශයෙක් තබාගෙන ඇති බවයි.

ලතීෆා කුමරිය 2018 වර්ෂයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පලායෑමට උත්සහකළ බවත් එහිදී තමන්ව ඉන්දියාවට ආසන්න මුහුදේදී විශේෂ පුහුණුව ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් අත් අඩංගුවට ගත් බවද එම වීඩියෝවේ වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

කෙසේ වෙතත් 2018 වර්ෂයේදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිත මේරි රොබින්සන් අතර හමුවක් සිදුව තිබේ. එහිදී ඇය ලතීෆා දඩබ්බර තරුණියක් බවද ප්‍රකාශකර ඇත. කෙසේ වෙතත් රොබින්සන් පසුව ප්‍රශාකර ඇත්තේ තමන්ව බරපතල රැවටීමකට ලක්ව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය කාලය පුරම ලතීෆාගේ මිතුරියන් විසින් එකස්ත් ජතීන්ගේ සංවිධනයෙන් ඉල්ලා සිටියේ ඇයව නිදහස් කරගැනීමට මැදිහත්වෙන ලෙසයි.

Exit mobile version