අතිවිශේෂ ගැසට්ටුවක්… කුරක්කන් කිලෝවකට රුපියල් 150ක බද්දක්… කරවල හාල්මැස්සන් කිලෝවකට 100ක බද්දක් වදී…

අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය කීපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (12) දින සිට වසරක කාලයක් බලපැවැත්වේ.

හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 100ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 100ක්, උළුහාල් කිලෝවක් සඳහා රුපියල් 50ක්, කුරක්කන් පිටි කිලෝවක් සඳහා රුපියල් 150ක් අබ ඇට කිලෝවක් සඳහා රුපියල් 62ක් බදු පනවා ඇත.


තවද වෙඬරු සහ කිරිවලින් නිශ්පාදිත තැවරුම් කිලෝවක් සඳහා පනවා ඇති බදු රුපියල් 880කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැසට් නිවේදනය පහත දැක්වේ.

Exit mobile version