පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක් වී තිබේ.
ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දුන්නේය.
මෙරට ජන වාර්ගික ගැටලුව විසඳීමට නම් රට තුළ ආර්ථික සහ දේශපාලන ගැටලු විසඳීම අත්‍යාවශ්‍ය බව මෙහිදි පෙන්වා දුන් ඒ.එල්.එම්. අතාවුල්ලා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ කෙරෙහි තමන් තුළ විශ්වාසයක් ඇති බවත් එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බවත් සඳහන් කර ඇත.
මෙරට ජනවාර්ගික ගැටලුව විසඳීමට අදාළව ජාතික කොංග්‍රසයේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.







