ලලිත් චාමින්ද
හික්කඩුව වැල්වත්ත ප්රදේශයේ අත්හැරදමනු ලැබු නිවසක තිබි රුපියල් ලක්ෂ 09කට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්රැම් 90 ක් හා මිලිග්රැම් 548ක් සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
ඊයේ (18) රාත්රි 11.00ට පමණ මෙකි පාළු නිවසේ තිබි මෙකි මත්කුඩු තොගය සොයාගෙන ඇත. ප්රජා පොලිස් කමිටුවේ කාන්තා පොලිස් සැරයන් 5760 ලක්මාලිට ලැබුණු තොරතුරකට අනුව මෙම මත්කුඩු සොයාගෙන ඇත.
මෙය ඇත්හැර දමනු ලැබු නිවසක් නිසා මත්කුඩු පැකට් කිරිම සඳහා මත්කුඩු මෙම නිවසට රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැකකරයි. හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති බි කේ ඩබ්ලිව් පල්ලියගුරු ගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.