අත්හැර දමා ගිය තවත් කොවිඩි සිරුරක් රජයේ වියදිමින් ආදාහනය කෙරේ…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල මහහපුගල ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මෘත දේහය ඥාතින් විසින් භාරගැනිම ප්‍රතික්ෂේප කිරිම නිසා අද (02) පස්වරුවේ දි අක්මීමන කුරුඳුවත්ත ආදාහනාගාරයේ දි ආදාහනය කිරිමට කටයුතු කළ බැව් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක පවසයි.

නිරෝධායන නීතිරීතිවලට අනුව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම මළ සිරුර ආදාහනය කිරීමට කටයුතු කළ බව ද ඔහු පවසයි.

මෙම පුද්ගලයා මහහපුගල පොල්දුවවත්ත ප්‍රදේශයේ සිය නිවස තුළදි ඊයේ (01) රාත්‍රි මියගොස් ඇත. ඔහුගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ගෙනවිත් ඇති අතර අද (02) දින කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂකවරයා පවසයි.

මියගොස් ඇත්තේ මොහොමඩ් නලිර් මොහොමඩ් පයිසාර් (75) නැමැති මහහපුගල පොල්දුවවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග කිහිපයකින් පෙළුණු අයෙකු බවද හදිසිමරණය පරික්ෂකවරයා පවසයි.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක විසින් අද (02) සිදුකරනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් සිදු කළේය.

Exit mobile version