අත්සන අවභාවිතා කරලා… මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කඩුගන්නාව නගරසභා සභාපතිට එරෙහිව පොලිසි යයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ ගමන් බලපත්‍රයක් සකස්කර ගැනීම සඳහා තම අත්සනින් නිකුත් කළ ලිපියක් වෙනස්කර කූඨ ලේඛනයක් සකස්කර තිබෙන බව කියමින් කඩුගන්නාව නගරසභා සභාපති අමිල වේරගොඩට එරෙහිව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සභාපතිවරයා කූඨ ලේඛන ලබාදී විදේශ ගමන් බලපත්‍රයේ රැකියාව ලෙස සඳහන් තීරුවට නගරාධිපති ලෙස යොදාගෙන තිබෙන බව පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව මගින් අනාවරණය කරගෙන තිබීමත් සමග ඔහු මේ පොලිස් පැමිණිල්ල කර තිබේ.

අදාළ අතුරු වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබාදී ඇත. සභාපතිවරයා නගර සභාවේ නිලධාරීන් පිරිසක් විදේශ රටකට රැගෙන යන මුවාවෙන් වෙනත් පිරිසක් මුදලට රැගෙන ගොස් තිබෙන බවට නැගෙන චෝදනාව සම්බන්ධ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව පළාත් පාලන කොමසාරිස්වරයා කීය.

ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් තොරතුරු ඉල්ලා තිබෙන බවත් එම තොරතුරු ලද විගස අවසන් වාර්තාව සකස් කරන බවත් කොමසාරිස්වරයා පැවසීය.

Exit mobile version