අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බව කියන වෛද්‍ය ෂාෆිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම වෙයි !

තමන් අත්අඩංගුවට ගැනීමෙන් සහ  රඳවා ගැනීමෙන් පොලිසිය  නීතිවිරෝධී ලෙස ක්‍රියා කර ඇති බව  තීන්දු කරන ලෙස  ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ  වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් විසින් ගොනුකරන ලද  මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 16 වැනිදා සලකා බැලීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

එම පෙත්සම අද (25) සලකා බැලීම සඳහා අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයි රාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තින්දුව ගෙන ඇත. .

කුරණෑගල ශික්ෂන රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සායනයට පැමිණෙන රෝගීන් බලහත්නාරයෙන් වද සැත්කම් සිදුකරන බවට  සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් ප්‍රකාශ කර තිබිණි. .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් තමන්ව අත්අඩංගුවට ගැනීමේ දී කිසිදු සාධාරණ හේතුවක් පොලීසිය විසින් ප්‍රකාශ නොකළ බව පෙන්වා දෙන පෙත්සම්කාර වෛද්‍යවරයා අසත්‍ය සහ පදනම් විරහිත කරුණු මත තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.


 

Exit mobile version