ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපිකාවක වන පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, කොටුව පොලීසිය අද අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනයක පුද්ගලික ඇප දෙකක් මත මුදා හැර තිබේ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ මෙම සාදයට ඔවුන් සමග සිටි තවත් 12 ක් හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම සාදයට 25 ක් පමණ සහභාගි වූ බවට පොලීසිය පවසයි.
කොවිඩ් වසංගතය හමුවේ රටපුරා දැඩි සංචරණ සීමා පවතින මේ දිනවල නිරෝධාායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදය පැවැත්වීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගගුවට ගෙන ඇත.