අත්අඩංගුවට ගත් නැවේ කුඩු සමග ගිනිඅවි

කොළඹට ගෙනා මත්කුඩු නැවේ තිබී කිලෝ එකකට ආසන්න බරකින් යුතු පැකට් 300ක් ඉක්මවා හමුවී තිබේ.

මෙම නැවේ ආයුධ තොගයක් ද රැගෙනවිත් ඇති බවට වාර්තා වේ.

එම නැවේ සිටි 7 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.


ඔවුන් අතර කොවිඩ් ආසාදිතයකු ද සිටින බැවින් මොවුන්ගේ අනන්‍යතාවයන් නිසි ලෙස තහවුරු කර ගැනීමේ ගැටලුවක් දැනට පැන නැගී තිබෙන බවද වාර්තා වේ.

ඔවුන් පාකිස්තාන සහ ඉරාන ජාතිකයින් විය හැකි බවට විමර්ශන අංශ සැක පල කරයි.

මෙම නැව අත්අඩංගුවට ගෙන තිබුණේ දින කිහිපයකට පෙරයි.

එහි කොවිඩ් ආසාදිතයකු සිටින බැවින් මේ වන විට විෂබීජහරණය ක්‍රියාවලියකට ලක් කිරීමට පියවර ගෙන තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් පසුව ඉදිරි විමර්ශන සිදුකිරීමට සූදානම් කරන බව වාර්තා වේ.

Exit mobile version