අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ප්‍රකාශ කළේය.

“අඥාන ලෙස ඝාතනය කරන ලද කුඩා ෆාතිමා අයේෂාගේ පවුලට මගේ හෘදයාංගම ශෝකය සහ ගැඹුරු සංවේගය පලකරමි. මෙම දරුණු අපරාධය සම්බන්ධයෙන් ඇයගේ පවුලට ඉක්මනින්    යුක්තිය ඉටු කිරීමට මම පොරොන්දු වෙමි. ජනාධිපතිවරයා අද ට්විටර් පණිවුඩයක් නිකුත්  කරමින් පැවසුවේය.

9 හැවිරිදි අයේෂා ඊයේ උදෑසන සිට අතුරුදන්ව සිටි අතර, අද පෙරවරුවේ ඇයගේ නිවස අසල වගුරු බිමක තිබී ඇයගේ මළ සිරුර සොයා ගනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැරිය වෙනත් ස්ථානයකදී ඝාතනය කර   මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් ඇති බවට විශ්වාස කරන බව  පොලිසිය පැවසුවේය.


Exit mobile version