අගමැති – ගුරු සංගම් සාකච්ඡාව එකඟතාවයක් නැතිව නිමයි… ගුරු සංගම්වල තීන්දුව  හෙට!

ගුරු සංගම් නියෝජිතයන්  හා අගමැතිවරයා අතර පැවති සාකච්ඡාව අවසන් තීන්දුවකින් තොරව නිමාවට පත් වී තිබේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම අදියර තුනකින්   සිදු කිරීමටත් එම යෝජනාව ලබන දොළොස් වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයට  ඇතුළත් කිරීමටත් ඊයේ 11 රාත්‍රියේ දී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය  විය.

ඒ අතර ඊයේ 11 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ ,  රාජ්‍ය හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකින් පසුව මෙම වැටුප් වැඩිවීම අදියර දෙකකින් සිදු කිරීමට එකඟ වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු සංගම් සමග පුරා පැය තුනකට ආසන්න කාලයක් මේ තීන්දුව පිළිබඳව අගමැතිවරයා සමග සාකච්ඡා කර තිබේ. අනතුරුව තමන්ගේ ස්ථාවරය පිළිබඳ හෙට දින තුළ රජයට දැන්ම් දීමේ තීරණය මත සාකච්ඡා නිමා වී තිබේ.

Exit mobile version