අක්ෂි රෝහලේ සැත්කම් නැවැත්වූ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ගෙනා Prednisolone දියරය ගැන අවසන් තීන්දුව ඉදිරි දින කීපය තුළ!

ශ්‍රියානි විජේසිංහ –                                    

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ  මෙරටට ගෙන්වනු ලැබූ ඇසට දමන Prednisolone  දියරය තත්ත්ව  පරික්ෂාවන්ට ලක් කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදන හා නියාමන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේය.

මෙම දියරය සුදුසු නොවන බව ට පරික්ෂණයන්ගෙන්  තහවුරු වුවහොත් භාවිතයෙන් මුළුමනින්ම ඉවත් කරන බවත් පරික්ෂණය නිමවන තෙක් මේ පිලිබද නිවැරදි ප්‍රකාශයක් කිරිමට නොහැකි බවත් හෙතෙම පැවසුවේය.

මෙම දියරය භාවිත කිරිම හේතුවෙන් අක්ෂි සැත්කම්වලට භාජනය කළ රෝගීන් කීපදෙනෙකුට ඇතිව තිබෙන සංකූලතාවන් හේතුවෙන් මෙම දියරය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඖෂධය හේතුවෙන් මේ වනවිට අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල නවතා දමා  ඇතැයි වාර්තා වේ.


 

Exit mobile version