අක්කරපත්තු මහ කුඩ්ඩා ඇතුළු 3ක් අල්ලයි….

සුසන්ත අමරබන්දු –

අක්කරෙයි පත්තු පොලිස් බල ප්‍රදේශය තුළ මත් කුඩු අලෙවි කරමින් සිටි ප්‍රධාන ජාවාරම්කරු සමඟ තිදෙනෙකු අක්කරපත්තු පොලිසිය විසින් 17 වැනි දින සවස   අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් තිදෙනා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 110 කට අධික ප්‍රමාණයක්, රුපියල් 54000ක්, කුඩු කිරීමට ගන්න උපකරණ සහ යතුරු පැදියක්ද පොලිසිය මගින් අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට පත්වුවේ අක්කරපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
ප්‍රධාන ජාවාරම්කරු කොළඹ සිට ගෙනැවිත් කුඩු බෙදන පුද්ගලයෙකි.  අත්අඩංගුවට ගෙන   ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත අක්කරපත්තුව හා කාදිලියා පාර ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 110 ක් සහ රුපියල් 54,000 සහ කුඩු  කිරීමට ගන්නා උපකරණ පොලිසිය  මගින් සොයා ගන්නා ලදී.
  සැකකරුවන් 18 දින අක්කරපත්තු අධික ලෙස ඉදිරිපත් කිරීම නියමිතව තිබිණි පැය කීපයක් තුළදී මෙම ජාවාරම්කරුවන් හසුකරගැනීමට පොලිසියට හැකිව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කුඩු මෙහෙයුම නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ උපදෙස් මත අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මග පෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරී ප්‍රදිප් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් අක්කරපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බණ්ඩාර විජේතුංග මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. හෂිම්,පො.සැ.(47142) ජයසුන්දර, පො.කො.(73663) රාහුමාන්, සි.ආ.බ.(12603) ජෙසිල් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලදී.

Exit mobile version