මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මාදුරුඔය, කුඩා ඔය පිටාර ගැලීමෙන් ද වැසි ජලයෙන් ද අරලගංවිල 503 කලාපය ඇතුළු යාය 06, යාය 05, ප්‍රදේශවල අස්වනු නෙළීමට ආසන්න කුඹුරු අක්කර දෙදහසට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වීමෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයට පත් වී සිටිති.
යටවී තිබුණේ තව සතියකින් නෙළීමට ආසන්නව පැවති කුඹුරුය. පසුගිය දෙසැම්බර් මාසයේ ගංවතුරට යට වීමෙන් පසු, නැවත වරක් දෙවැනි වරට වගා කරන ලද කුඹුරු බිම්ද ජලයෙන් යට වී දැඩි ලෙස හානි සිදු වී ඇති බව ගොවීහු කියති.
මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීම හේතුවෙන් තම කුඹුරු බිම් මෙලෙස විනාශ වී තිබෙන අතර මෙවර අක්කර දෙක හමාරකින් වී දෙදහසක් හෝ ලබාගැනීමට නොහැකි මට්ටමක් පවතින බව ඔහු පෙන්වා දෙති.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන්ට යම් සහනදායී වැඩපිළිවෙළක් සිදුකරන ලෙස මහවැලි බී කලාපයේ 503 ප්‍රදේශයේ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.








